Danena Duk Wedana | දැනෙන දුක් වේදනාSong by Roshan Fernando
දැනෙන දුක් වේදනා හිත අස්සෙ හිරකරන්
සැනසුනමක් නැති වෙලා ඔබ හින්දා රත්තරන්
ඔබ මගෙන් වෙන් වෙලා අද දුරට වී ගිහින්
මං හඬන හැටි දැක්කොතින් ඔබ හඬයි සත්තකින්
මං තරම් පෙම් කරපු වෙන කෙනෙක් නැති තරම්
දන්නවා නම් ඔයා වෙන්වෙන්නෙ නෑ මගෙන්
හිත හොයන උණුහුමත් නැති වෙලා අද ඉතින්
ආදරේ තරම් මා දන්නේ නෑ සත්තකින්
ජීවිතේ මම කියා කියූ හැටි ළඟ ඉඳන්
සිහිවෙලා හඬනවා තුන්යමේ නිදි වරන්
මට පුරුදු තනිකමින් මම යළිත් තනිවෙමින්
එනතුරා ඔබ ඉතින් බලන් ඉමි රත්තරන්
Songwriters: Sathsara Kasun Pathirana
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment