Haththi Love | හත්ති ලවු' Song Lyrics Song by Saman Lenin

Haththi Love | හත්ති ලවු
Song by Saman Lenin

Haththi Love | හත්ති ලවු' Song Lyrics Song by Saman Lenin

Song Lyrics ;

ගංගොඩේ ගියා වැලක් සොයා ගන්ට කියා
ඉද්ද, සමන් වැල් තිබෙන්නා
පොහොට වැල් තිබෙන්නා
මදු වැල්, කටු වැල්, කරවිල, පතෝල වට්ටක්කා, පත්තක්කා, වැටකොළු, පිපිඤ්ඤා
තුරුලතා ද නාරිලතා ද
කුසුමලතා ද සෙනෙහෙලතා ද
මොන හත්තිලව් ලතාවක් ද කියන්නට
මං දන්නේ නෑ

ප්‍රේමලතා අරගත්තා මගේ හිත

ගිණි විජ්ජුම්බරයයි දැන් නම්
මේඝ ලතා - විජ්ජු ලතා

වාන් බැම්ම උඩ හිටියට නොකර කතා
මාත් එක්ක තරහ නොවන් ප්‍රේමලතා
හෝ හෝ හෝ හෝ

යාන් ඔයේ රැළි ගානේ නෙරිය කියා
හීන් සැරේ යන ගමනට ආල වෙලා
හීන් එතන ගේ මිදුලෙදි දැම්ම කතා
ඕං දැනී අප්පච්චී උරණ වෙලා
අප්පච්චී උරණ වෙලා උරණ වෙලා උරණ වෙලා

වාන් බැම්ම

හෝස් ගගා ඇවිලෙන පලි සෝලි අසා
ඩෝං ගිහින් අම්මණ්ඩි ත් පරල වෙලා
දෝස්මුරේ හැම පැත්තෙන් ඇහෙන නිසා
හූම් කියන බකමූණා වගේ වුණා

වාන් බැම්ම

හෝ..හෝ...හෝ..හෝ

රූං හඬින් හැම්මේ යන සියොතුන් හා
කෝං ගහෙන් රූටද්දී ඉර දෙයියා
හීං සැරෙන් එන්නම් යන්නට කැන්දා
ආං එතෙක් හිටු නොම වී තරහා

Songwriters: Prof. J.A .P. Jayasinghe

Don't Forget Comment and Share 📝🎶

Comments