Mage Heenaye Langa Innata | මගේ හීනයේ ළඟ ඉන්නට' Song Lyrics - Udaya Shree

Mage Heenaye Langa Innata | මගේ හීනයේ ළඟ ඉන්නට
Song by Udaya Shree

Mage Heenaye Langa Innata | මගේ හීනයේ ළඟ ඉන්නට' Song Lyrics - Udaya Shree

Song Lyrics ;

මගේ හීනයේ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජිවිතේ මම නම්ඇයි කඳුළු මෙතරම්

නෙතු මුතුකැට වැටෙන තරම්
හිත මත දඟ කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
රැවටුණු හැටි මා මෙතරම්

හිත හඬන තරම්
ඔබ දන්නවා නම්
තව කඳුළු දිදී රිදවන් නෑ
මා දැවෙන තරම්
ඔබ දන්නෑ

මගේ හීනයේ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජිවිතේ මම නම්ඇයි කඳුළු මෙතරම්

නොමියෙන මල් මතක පෙතී
එක එක බිඳ දැමුව හැටී
නෙතු අග තෙත රැඳුණේ නිතී
මගෙ වරදම වෙන්න ඇතී

හුරු සිනහා සිතින් ඔබ ඉන්නවා නම්
තව කඳුළු කතා පවසන් නෑ
මේ කඳුළු මගේ දැන් දුක නෑ

මගේ හීනයේ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජිවිතේ මම නම්ඇයි කඳුළු මෙතරම්

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments