Malak Unee Ay Oba Mata | මලක් උනේ ඇයි ඔබ මටSong by Amarasiri Pieris
මලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්
පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්
සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්
Songwriters: Saman Athaudahetti
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment