Mama Mukuth Kiyannema Namai | මම මොකුත් කියන්නෙම නෑමයිSong by Roshan Fernando
මම මොකුත් කියන්නෙම නෑමයි
හිත රිදෙන කතන්දර බෝමයි
ඔබව තේරුම් ගන්නම බෑමයි
වෙන් වෙන්න තිතන්නෙත් ඔබමයි
මුදු සරා සඳේ සිහිළැල්ලේ
හිරු කිරණ ගෙනෙන අරුණැල්ලේ
මුතු පින්න පිපුණ තණනිල්ලේ
හමුවුණා එදා සැනසිල්ලේ
ඒ මිහිරි අතීතය නිමවී
නෙතු කඳුළු වලින් යමු වෙන් වී
ඔබ ගියත් කෙනෙකු හා ළං වී
මා ඉන්නම් සැමදා තනිවී
Songwriters:
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment