Peradaaka Susumak | පෙරදාක සුසුමක්Song by Theekshana Anuradha
පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැති
සංසාර ගමනේ දුරඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටි
ගැඹුරුයිද ආදරේ මේ හැටි
හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතේනවානම්
හෙවනැල්ලවී දිවියේ තුරුලේ රැදී
කුළුදුල්ම හීනයක් ඒ…මහමෙර වගේ උසනම්.
තවදන්නෙ නෑ නුබත් මගෙ ආදරේ තරම්
පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැති
සංසාර ගමනේ දුරඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටි
ගැඹුරුයිද ආදරේ මේ හැටි
තනිකඩ හිතේ නැවතිලා පෙම් අරඹුමේ වැහිඅරන්
නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇදී
දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුබේ ලගනම්
හිත පිරුනු ආදරේ උහුලන්න බැරි තරම්
පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැති
සංසාර ගමනේ දුරඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටි
ගැඹුරුයිද ආදරේ මේ හැටි
Songwriters:
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment