Aaley Rekha | ආලේ රේඛා' Song Lyrics - Jayod Nawarathne

Aaley Rekha | ආලේ රේඛා
Song by Jayod Nawarathne

Aaley Rekha | ආලේ රේඛා' Song Lyrics - Jayod Nawarathne

Song Lyrics ;

ආලේ රේඛා පාදා පාදා
ඈ හා ආ දා මිහිරේ තේරේ
ප්‍රාණේ සේමා ප්‍රේමේ බෝමා
ප්‍රේමී වූ දා මිහිරේ තේරේ

හිස් වා තලේ පාව ආ කෝල ගාථා
ඉස්පාසුවේ ඈ මිමිණීය මා හා
අස්ථාන වූ ජීවිතේ ඈගෙ වීලා
ඈ වේ මාගේ ප්‍රාණේ සේමා

ආලේ රේඛා පාදා පාදා
ඈ හා ආ දා මිහිරේ තේරේ

දෑතේ රේඛා ගානේ ප්‍රේමී රටා
ඈ නිසා සිනාසේ නෑ වේදනා
රෑ හීනේ සේමා
මා හා ඉඩෝරයේ ආවා
සීතේ පවා වෙළී ආවා

ගිම්හාන කාලේ අහසේහි පායා
වස්සානයේ ඈ තෙමුණාය මා හා
මංමාරුතේහී සුව දේවි නාවා
මාගේ දෑසේ ප්‍රේමේ බෝමා

ආලේ රේඛා පාදා පාදා
ඈ හා ආ දා මිහිරේ තේරේ

ආලේ රේඛා පාදා පාදා
ඈ හා ආ දා මිහිරේ තේරේ
ප්‍රාණේ සේමා ප්‍රේමේ බෝමා
ප්‍රේමී වූ දා මිහිරේ තේරේ

ගංතීරයේ දෑත දවටාන ගාවා
පෙම් සාගරේ ඈ කිමිදේවි මා හා
සංසාරයේ ඈ ළඟ ගෑවිලා මා
මා ඒ යාමේ ප්‍රේමී වූවා

ආලේ රේඛා පාදා පාදා
ඈ හා ආ දා මිහිරේ තේරේ

Songwriters: Yashodha Adhikari

Don't Forget Comment and Share 📝🎶

Comments