Adareyi Thamaa | ආදරෙයි තමා' Song Lyrics - Manej Sanjaya

Adareyi Thamaa | ආදරෙයි තමා
Song by Manej Sanjaya

Adareyi Thamaa | ආදරෙයි තමා' Song Lyrics - Manej Sanjaya

Song Lyrics ;

රැල්ලක් නැගේවී - වෙරළේ පෙරළෙනවද
සන්තෝෂයේදී - දිගු දුර නොපෙනනවද
හදවත ආකාසේ තරම් විශාලයි
ඔබ මට පෑ ප්‍රේමයේ සිත සවියයි
මුහුදෙ ගැඹුර කොතෙක් සුළුද - මේ පෙම ගැඹුරුයි
ඉතිහාස පොතේ මෙහෙම පෙමක් - ලියා නැති වගයි

ආදරෙයි තමා - වෙන්නෙ නෑ නිමා
කිසිදිනේ දමා - යන්නෙ නෑ මෙමා

ඇසි පිය කවුළු දොරින් හදවතට එබී
නිකමට දැකගන්නත් කාටත් නොහැකී
එහෙමයි ආදරේ හදේ උපන්නේ
ඒකයි මම - මගෙ පණ ඇයට පුදන්නේ

ආදරෙයි තමා - වෙන්නෙ නෑ නිමා
කිසිදිනේ දමා - යන්නෙ නෑ මෙමා

දිවි ඇතිනම් කොහොමත් ඇය මිහි සුරැකේ
පණ නැතිමුත් ඇය රිදවන්නට නොමදේ
එහෙමයි ආදරේ හදේ උපන්නේ
ඒකයි ඇය - ඇගෙ පණ මටම පුදන්නේ

ආදරෙයි තමා - වෙන්නෙ නෑ නිමා
කිසිදිනේ දමා - යන්නෙ නෑ මෙමා

Songwriters: Duminda Alahendra

Don't Forget Comment and Share 📝🎶

Comments