Akunu Pupura | අකුණු පුපුරා' Song Lyrics - Anjana Perera, Kasun Kalhara And Smokio

Akunu Pupura | අකුණු පුපුරා
Song by Anjana Perera, Kasun Kalhara And Smokio

Akunu Pupura | අකුණු පුපුරා' Song Lyrics - Anjana Perera, Kasun Kalhara And Smokio

Song Lyrics ;

නියමයක් නැති
නියතයක් නැති
නිදසුනක් නැති
නිවෙන් නැති පෙම් කතාවක
නිවෙන් නැති පෙම් කතාවක
පිටු අතර සිටි වෙලාවක
අකුණු පුපුරා
වැස්ස වැටුණා
අකුණු පුපුරා
වැස්ස වැටුණා
මතකද සොඳුරේ

මෝසම් වර්ෂා රාගයෙන් හැලෙනා
ඉසව්වේ ඉඳන් තෙමි තෙමී ,
වෑයම් කරලා ආලෙන් උන්නා
ජීවිතේ තවත් ඇදී ඇදි..
ජීවිතේ තවත් ඇදී ඇදි ඇදී
අකුණු පුරා වැස්ස වැටුනා
අකුණු පුපුරා වැස්ස වැටුනා
මතකද සොඳුරේ

ඒ වැහි බිංදුවක් ගානෙ
දැරු අයුරු සාක්ෂි අපි බැඳෙවි ආත්මෙන්
අදත් ඈතකින් ඇසේවි අතීතෙ විලාපෙ
වර්තමානයෙ කතාව නෑ වේදිකාවෙ
ඇහි පිල්ලමක් වැටෙන වාරයක් ගානෙ
යලි තෙමෙන්නයි පතන්නෙ ආශා වර්ෂාවෙ
දෑස වසමි කාමයෙන් නිලංකාරෙන්
කාල රේඛාවන් අවිලෙයි ගෙන ආශාවෙන්
ඇගෙ නිරුවත් සිරුර මැවෙයි නිල් අවකාශෙ
නැති වාසි කම් ඉල්ලයි මා වෙත පිපාසෙන්
ඈතකට ගිහින් අනන්තේ සීමාවෙන්
ඒ අතීත කාමෙ වෙලී මට ආසයි ජීවත් වෙන්න
අඳුරෙ වෙලෙමින් නැසෙන වැසි වළාවේ
සඳකින් එළිය වූ වැලි තලාවේ
තබමි සටහන් මිය නොයෙන ආකාරෙන්
මවයි අමරණීය ලොවක් අකුණු පුපුරා

නියමයක් නැති
නියතයක් නැති
නිදසුනක් නැති
නිවෙන් නැති පෙම් කතාවක
නිවෙන් නැති පෙම් කතාවක
පිටු අතර සිටි වෙලාවක
අකුණු පුපුරා
වැස්ස වැටුණා
අකුණු පුපුරා
වැස්ස වැටුණා
මතකද සොඳුරේ ..

Songwriters: Manuranga Wijesekara

Don't Forget Comment and Share 📝🎶

Comments