Hadawathe Numba Thaba | හදවතේ නුඹ තබා' Song Lyrics - Athula Adikari

Hadawathe Numba Thaba | හදවතේ නුඹ තබා
Song by Athula Adikari

Hadawathe Numba Thaba | හදවතේ නුඹ තබා' Song Lyrics - Athula Adikari

Song Lyrics :

හිතේ අහුමුළු පුරා තනියට
නුඹේ සෙනෙහස නොවෙද ඇත්තේ
බැඳෙන විසිරෙන බිඳෙන බැමි ලඟ
මතකයේ නෑගම් තනන්නේ

සසර ගමනක අහඹු හමුවක
දෑවටිලා ඇහි පිල්ලමේ
රිදෙන රිදවන හැඟුම් පොදි බැඳ
දුන්නූ නූඹෙ ඒ ආදරේ

නුරා හැඟුමින් හිරි වැටෙන ගත
හීන කැන්දන ඉසඹුවේ
සිතක සිතුවිලි කෙලෙස නවතනු
සෙනෙහෙ ගං දියවර දිගේ

පැතුම් අහුරක බැඳුණු සෙනෙහස
සුසුම් සිරකළ සිහිනයේ
මතක මං පෙත ඇවිදගෙන යම්
හදවතේ නුඹ තබා රහසේ

Songwriters: Shilpa Nanayakkara

Don't Forget Comment and Share 📝🎶

Comments