Handa Allanna Aasa Gamana | හඳ අල්ලන්න ආස ගමනේ' Song Lyrics - WAYO

Handa Allanna Aasa Gamana | හඳ අල්ලන්න ආස ගමනේ
Song by WAYO

Handa Allanna Aasa Gamana | හඳ අල්ලන්න ආස ගමනේ' Song Lyrics - WAYO

Song Lyrics ;

කඳුළු තිබුණා ද මාවතේ
රුදුරු හන්දාම ජීවිතේ
වතුර හෙව්වා ද හාමතේ
පැදුරු නැති රෑක නිදිමතේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ

පුරන් වූ දාක ආදරේ
තුරන් වූවා ද ජීවිතේ
පහස දැනුනාම තනිකමේ
දෙබස් ඇහුනා ද හදවතේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ

සතුට හෙව්වාට දස අතේ
කඳුළු ආවා ද හිතුමතේ
නොමැති වූ දාක කැමති දේ
අඳුරගත්තා ද හිත අපේ

අපි ආ ගිය පාරේ
කෙලවර නෑ පේන මානේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ

Songwriters: Methun SK

Don't Forget Comment and Share 📝🎶

Comments