Hewanalla | හෙවනැල්ල' Song Lyrics - Kelwiz ft. Chubby

Hewanalla | හෙවනැල්ල' Song Lyrics
Song by Kelwiz ft. Chubby

Hewanalla | හෙවනැල්ල' Song Lyrics - Kelwiz ft. Chubby

Song Lyrics ;

සුළගට පාවී ඈතට යාවී නෑ වෛරයක් හිතේ
ක්‍රෝධය දමනය කරන්නේ ඇස් අඩවන් මගේ
සිංහ නාදයක් මේ ඔසුව සනසයි ඔය තුවාලේ
මරාගන්න ඕන්නෑ කව්රුත් දුවන්නේ එක ලේ

වසර ගානක් ආවේ අඩි තියන් නෑ අත පැවේ කාටත්
පාඩම් කියලා දුන්නා ගෙවුන හැම අසීරු හොරාවක්
ප්‍රෝඩාවක් නැ අවංකයි හිත ගෙව්වා අමාරු දවස්
සුනද්ර හවස් මතකයි යාලුවොත් එක්ක ගෙවුනා පැයක්

මතකයි හැමදේම නෑ කරේ අමතක
ගත්තා දෛවය උදුරගත්තු හැමදේම
ඔව් හැමදේම නැතිවුනා එක පාරින්
මගේ තනියට මන් විතරයි හිටියේ මං ගාවින්

දුමක් එක්ක පාවෙලා වචන ගොඩක් යාවුනා
සමහර තැන්වල ජීවිතේ එපා වුනා
කනස්සල්ලෙන් පැත්තට වෙලා තැවුනා
යාලුවොත් එක්ක ගෙවෙද්දි තනිකම නැසුනා

මත්ද්‍රව්‍ය කරයි තරුණ අදහස් කිළිටි
යන්න බෑ ලස්සන මලකට පාරේ ළපටි
නැති තැන කිව්වත් මං ගැන කතා වටවී
දැනගනින් මං උබට වඩා ගොඩක් කපටී

ලස්සනයි ගොඩක් රහයි කියද්දි බොරු
හැබැයි කවදාවත් කරන්න බෑ ඇත්ත දුරු
පාරට වැටුනා සමාජේ උනා මට ඇදුරු
මගේ වදන් සමහරුන්ට වගෙනේ කදුරු

හැමදේම යන්නේ ආපස්සට කෝ කාගෙ කාගෙත් මනුස්සකම් නෑ හිත්යට
ඒ එක එක වර්ගවලින් කොච්චර බෙහෙත් දුන්නත් කවදාවත් හොද උන්නෑ පිස්සට

මං ඉගෙනගත්තා දුර්වල තැන්වලින් ලිස්සන්න
නෑ කාටවත්ම අත පෑවේ මාව උස්සන්න
මං ඉගෙනගත්තා තනුවෙන් තරහා යවන්න
මේ ගැලපෙන පද පේළි ජීවිතේට ගන්න

අදුරු මතක අතරේ
සැනසීමක් නැහැ දැනුනේ
ඒ කදුලින් පෙරලූ පිටුවේ
ආලෝකයක් අර්ථෙන් දැනුනේ

මැවෙන්නැති
දැනෙන්නැති
හැගෙන්නැති
හොයපු මාගේ ජීවේ

මැවෙන්නැති
දැනෙන්නැති
හැගෙන්නැති
හොයපු මාගේ අර්ථේ

අර්තෙන් දැක්කා ගත්තා හරි දේ නෑ පසුතැවීමක්
වැනසීමක් මැද්දෙන් සැනසීමක් උනා මගේ “හිනත්”
එක්ක පොර බැදන් ජීවිතේ තනියෙන් මන් ඇවිද්දා
නෑ නින්දක් ඒ තරම්ම හීන ලොකු හින්දා

ඇසුරට යද්දි කාගෙත් චරිතේ නෑ දැක්කේ
කාලෙත් එක්ක මිනිස්සුන්ගේ වෙනස්වීම් විතරයි දැක්කේ
මැරුනු මිනිස්සුන්ටත් නෑ සැනසීමක් තිබ්බේ
වැරදි කරපු උන්ට සැනසීමක් තිබ්බේ නෑ නින්දේ

ආවර්ජන වෙද්දි ගෙවපු අතීත මතක වලින්
සුන්දර මතක විතරක් හිත යට තැන්පත් “කලා”
අසුන්දර මතක අතක ගුලි කරන්
ජීවිතේ අනාගතෙට පාරක් තනියෙන් ඇන්දා

ආස කරපු දේවල් නිකන් නෙවෙයි ලැබුනේ
ගත්තේ මං හිතේ සවියෙන්
වචන අවියෙන් තනිකම් මැකුනා,
මට මාව දැනුනා, අනාගතේ පෙනුනා,
දැකලාවත් නැති මිනිස්සුන්ගේ ආදරේ දැනුනා!

තමාට තම අතමයි හෙවනැල්ල
දුකේ තරම දන්නේ පෙනහැල්ල
තනිවෙච්ච හදවත් කොච්චර ඇත්ද
කවදත් ගත්තේ මන් දුප්පතාගේ පැත්ත

හමගහලා අතීතේ වර්ථමානේ දණගැස්සුවා
අනාගතේ හදන් මිනිස්සුන්වත් හිනැස්සුවා
බදු බණ පද වලින් යක්කුන්ව නැසුවා
මේ ගැලපෙන වචනවලින් මං හිත් නැසුවා

නැවතීම් රැවටීම් මැද්දේ ජීවිතේ
සැනසී වැනසී යැද්දේ ජීවිතේ
කෙලෙසින් මනසින් ඇනදේ ජීවිතේ
රහසින් දෙ ඇසින් දැක්කා ජීවිතේ

අදුරු මතක අතරේ
සැනසීමක් නැහැ දැනුනේ
ඒ කදුලින් පෙරලූ පිටුවේ
ආලෝකයක් අර්ථෙන් දැනුනේ

මැවෙන්නැති
දැනෙන්නැති
හැගෙන්නැති
හොයපු මාගේ ජීවේ

මැවෙන්නැති
දැනෙන්නැති
හැගෙන්නැති
හොයපු මාගේ අර්ථේ

Songwriters: Kelwiz

Don't Forget Comment and Share 📝🎶

Comments