Kurulu Piyapath | කුරුළු පියාපත්Song by Ranaka Akash And Adithya Weliwatta
ඔබගෙන් හිමිවූ සාදාරණ නොවන
කඳුලැල් නදියක් පරදා මහවැලිය
පාරමීදම් නුපුරමු මතු දිනෙක
අයිති නැති පෙම් කවියට පණ දෙන්න
කුරුළු පියාපත් මට නෑ පියඹායන්න
මතකෙන් නුඹගේ ගවුගානකට
නිහඬ වෙලා අපගේ අපරාජිත පුවත
මට දැන් තහනම් දසුනක් ඔබව
රන් කර මාලේ පලඳා
පිටගම් යනවාදෝ නොදොඩා
මා අඩ නින්දේ තබලා
දෙගුරුන් රිදවයි අප දෙදෙනා
අපේ ආදරේ ටජ්මහලේ
නොනිමෙන සේ ගිනි ඇවිලේ
කුරුළු පියාපත් මට නෑ පියඹායන්න
මතකෙන් නුඹගේ ගවුගානකට
රෑ අහසින් සඳ බැසලා
යනවා අඳුරට ඉඩ සලස
පෙම් කුසුමක් නුඹ පිපෙනා
කිසිදා එක්වන්නට නොවෙනා
මහ සාගරේ දුර සිතිජේ
ලෙස අප නෑ හමුවන්නේ
කුරුළු පියාපත් මට නෑ පියඹායන්න
මතකෙන් නුඹගේ ගවුගානකට
නිහඬ වෙලා අපගේ අපරාජිත පුවත
මට දැන් තහනම් දසුනක් ඔබව
Songwriters: Sajith V Chathuranga
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment