Nohimi Mathaka | නොහිමි මතක' Song Lyrics - Swetha Ft. Mihiruk S

Nohimi Mathaka | නොහිමි මතක
Song by Swetha Ft. Mihiruk S

Nohimi Mathaka | නොහිමි මතක' Song Lyrics - Swetha Ft. Mihiruk S

Song Lyrics ;

හද මගේ පාරවයි මතක් වී පෙර දවස්
ඒ හීන වලට උනා මගේ දිළිඳුකම හරස්
ගතවෙද්දි කාලය ඔයා නොසිතු ලෙස වෙනස්
වැරදි පෙරලා මා මතට ගියා ඔබ වෙලා නිදොස්

මෙ හිතට ගත්තම හඳෙම රැඳුනෙ නුඹෙම රුවම විතරයි
මන් වැළලු මතක මැවෙන්න ගත්තම දුකට හුරු මෙ දෙනෙතයි
අපි පතන් අවට නොදැක්ක හිනෙට යන්නෙම මන් අද තනිවයි
යලි හිමි නෑ මටම නුබෙම දෙනත කවදත් හුරු මෙ දුකමයි

සිතුවිලි විමසයි කතාවෙ අවනඩුව
සැනසෙන්න බෑ මතක සිහිකරයි නුබෙ රුවම
හිතගන්න බෑ පුදුමයි නුබ කල බොරුව
අද නුබ සතුටින් නැති වෙල මට මාව

මන් විදවයි සතුටක් හියපු සිතින්
නුබෙ මතක මකන්නෙ මා මත්වි මතින්
අපෙ ආල කතා හද නිදන් කරන්
නුඹෙ සතුට සොයා ඔබ ගිය පියඹන්

අයදිමි මගෙ සමාව එක හිතින් මෙමා
නොදනිමි මගෙ කතාව අද හැබෑ උනා
දනිමි මා මගේ වැරැද්ද අපමණයි කියා
නොදෙමි මා නුඹේ හිතට දුකම යලි සඳා

හීනෙකට මෙමා හිදින්න ආස වි ගියා
නුබව තනි කලා මෙමා ඉතින් මන් දුක තියා
දිනෙක පසුපසින් ඒවී කරපු පව් මෙමා
දනිමි මා නුඹේ තුරුලේ ඉඩනැතැයි කියා

දෙනෙත් රතු කරන් ගෙවයි දින සති කල්
සිහියක් නැ ඉන්නෙ මන් වෙලා ඉන්නෙ සිහිවිකල්
නුබ හට කලෙ නැ අඩුවක් මා නැතත් මිල මුදල්
මතකයන් සිහිවීී ගලයි දෙනෙතින් කදුලැල්

ආසවෙන් මැව්වා මා හීන මාළිඟා
නුඹ නමින් කලා මාත් එදා ගොඩක් යාතියා
හදහන් ගැලපුනත් අපි නොගැළපුනා
ඒ ආල කතා අතීතෙ වැළලුනා

මන් යන්නම් මන් දුරක නුබට නොපෙණි ආයෙමත් කඳුලේ වැලපෙයි
යලි නොයෙන ගමන තනිව යන්නට මටම මාවම හුරුමායි
මුල ඉඳන්ම ගොතපු මෙ මගෙ කතාව අවසානය පුදුමයි
දැන් නිමාව මෙයයි කවදාවත් නුබට හිමි මෙ තැනමයි

ආස කලා නුඹ එක්ක සතුටින් හිඳින්න
තනිව තවත් විදවයි එ නොහිමි මතක
අසුන්දරයි කෙල්ලෙ නුබ කල රඟපෑම
දින දින මැරි ගියා හඳ නොදැනිම

අයදිමි මගෙ සමාව එක හිතින් මෙමා
නොදනිමි මගෙ කතාව අද හැබෑ උනා
දනිමි මා මගේ වැරැද්ද අපමණයි කියා
නොදෙමි මා නුඹේ හිතට දුකම යලි සඳා

හීනෙකට මෙමා හිදින්න ආස වි ගියා
නුබව තනි කලා මෙමා ඉතින් මන් දුක තියා
දිනෙක පසුපසින් ඒවී කරපු පව් මෙමා
දනිමි මා නුඹේ තුරුලේ ඉඩනැතැයි කියා

අපි පතන් ආව ජීවිත කතා අවසානයි
හැමදේම සිද්ද වෙන්නෙ දෛවය අනුවමයි
ලස්සන කතාවක මුලපිරුවෙ නුඹවමායි
අහිමිවීම හැමදාම හුරු තනිකමයි

නුබෙ උනුහුම ලඟ මම අසරණයි
තනිකඩ හිත පෑරු නුඹ සිඳගනයි
හිත් කොනක ගිනි දැල්ලක් හිර කරයි
යන්න ලොකෙන් මෙ අවසාන පිටපතයි..

අයදිමි මගෙ සමාව එක හිතින් මෙමා
නොදනිමි මගෙ කතාව අද හැබෑ උනා
දනිමි මා මගේ වැරැද්ද අපමණයි කියා
නොදෙමි මා නුඹේ හිතට දුකම යලි සඳා

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments