Prema Kirilli | ප්‍රේම කිරිල්ලි' Song Lyrics - Reshan Godage

Prema Kirilli | ප්‍රේම කිරිල්ලි
Song by Reshan Godage

Prema Kirilli | ප්‍රේම කිරිල්ලි' Song Lyrics - Reshan Godage

Song Lyrics ;

මනසින් විඳිමින් ඔය රූපේ
රිදුමන් ලෝකෙන් සඟවා
මතකෙන් අද මං මගෙ ලෝකේ
තනියෙන් ජීවත් වෙනවා
අලුතිත් පණ දුන් ඔබෙ ප්‍රේමේ හින්ඳා
දුක නම් වැඩියෙන් අඩු නැතුවා වින්ඳා
දයාබර ප්‍රේම කිරිල්ලි මා
තැනු කූඩුව අතහැරලා
හැමදේ අමතක කරලා
එක දවසක යන්න ගියා

ගතකරන සෑම මොහොතක් පුරාම
මතකයට ආව එක දේ ඔයාම
නුඹ හැමදාමත් මගෙ හීනෙට ආවා
පෙනුනද කියපන් හීනෙන්වත් මේ මා
දයාබර ප්‍රේම කිරිල්ලි මා
තැනු කූඩුව අතහැරලා
හැමදේ අමතක කරලා
එක දවසක යන්න ගියා

නොවුනත් මගේම වෙනදා වගේම
දුටුවොත් ඔයාව සැනසේවි මාව
හිත රිදවූවත් ඔය ලෙංගතු හිනේ
තව තව දකිමින් විඳගන්නම ඕනේ
දයාබර ප්‍රේම කිරිල්ලි මා
තැනු කූඩුව අතහැරලා
හැමදේ අමතක කරලා
එක දවසක යන්න ගියා

Songwriters

Don't Forget Comment and Share 📝🎶

Comments