Ran Wan Mal Dam | රන්වන් මල්දම්' Song Lyrics - Centigradz

Ran Wan Mal Dam | රන්වන් මල්දම්
Song by Centigradz

Ran Wan Mal Dam | රන්වන් මල්දම්' Song Lyrics - Centigradz

Song Lyrics ;

රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
යහනක සතපවම් සිහින දකිමින්
මියැදෙමි සඳක නුඹ පතමි ස්නේහෙන්

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

Songwriters: Sajith Dilpahan

Don't Forget Comment and Share 📝🎶

Comments