Wala Roda Athare | වළා රොද අතරේ' Song Lyrics - Navodya Perera And Sanka Dineth

Wala Roda Athare | වළා රොද අතරේ
Song by Navodya Perera And Sanka Dineth

Wala Roda Athare | වළා රොද අතරේ' Song Lyrics - Navodya Perera And Sanka Dineth

Song Lyrics ;

වළා රොද අතරේ
ගැඹුරු මුතු සයුරේ
සෙව්ව පදවැල් එකට අමුණා
ලියමි තරු ගීතේ

සුවද පිටු අතරේ
අඳින ඉරි අතරේ
ස්වර හතම ගෙන
එකට සිරකර
වයමි නුඹෙ ගීතේ

මුතු දෙනෙත් දෙනෙත්
දෙව් රූ මලින් පිරි
නුඹේ සඳ මුහුණේ
රුවම සිහිකර
ලියන්නෙමි මම
අපේ තරු ගීතේ

සඳත් සයුරත් එකට යා කර
නුඹයි මගෙ සිහිනේ
හිමි උනත් නොවුනත්
මගෙයි නුඹ
මගේ සිත් සයුරේ

සඳ සේ තරු දසදහස් වර
දිලෙන තුරු අහසේ
සිහින හඳ බැඳි
සොඳුරු සිතිවිලි
උමතු කවි බැඳුණේ

මුවේ හසරැලි
දෙතොල් සියුමැලි
රැඳි රැඳී මතකේ
හිමි උනත් නොවුනත්
මගෙයි නුඹ
අපේ දුරු සසරේ

වළා රොද අතරේ
ගැඹුරු මුතු සයුරේ
සෙව්ව පදවැල් එකට අමුණා
ලියමි තරු ගීතේ

සුවද පිටු අතරේ
අඳින ඉරි අතරේ
ස්වර හතම ගෙන
එකට සිරකර
වයමි නුඹෙ ගීතේ

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments