As Piyan | ඇස් පියන්Song by Pawan Minon
ඇස් පියන් අතර දඟකරන රුපේ ඔබමයි තමා
ගිනි අරන් දැවෙන හදවතේ තාම ඔබ ඉන්නවා
පිච්චිලා අඑ වෙලා හිත මගේ මියදිලා
ගියපුදෙන් ඔබ පතා ඉන්නවා
රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
වැරදි තීරණ අරන් තැවෙනවා
රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
වැරදි තීරණ අරන් තැවෙනවා
මා තරහා වෙලා කේලම් අසා ලෝකය නිසා
ඔබෙන් වෙන්වීලා ගියත් දුරත් ඈත
හදවත වැලපෙනවා
වැඳ වැටී දෙපාමුල කිවත් නෑ තේරුණේ..
වැටහුණේ කල් ගිහින් පව් කියා හිතෙනවා
රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
වැරදි තීරණ අරන් තැවෙනවා
රණ්ඩු වී වෙන් වුනේ පුංචි දේටත් මමයි
වැරදි තීරණ අරන් තැවෙනවා
මා දුන් වේදනා උහුලන් ඔයා ආදරේ කළා
හිතක් රිදවලා පවක් කෙරුවට
සමාව අයදිනවා
විඳවනවා හිතින් හැමදාම තවමත් මම හඩනවා
වෙන් වුනේ ඇයි කියා ලොකු දුකක් දැනෙනවා
Songwriters: Dhanushka Gunathilaka
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment