Kalabala Wenna Epa | කලබල වෙන්න එපා' Song Lyrics - Shammi Fernando

Kalabala Wenna Epa | කලබල වෙන්න එපා
Song by Shammi Fernando

Kalabala Wenna Epa | කලබල වෙන්න එපා' Song Lyrics - Shammi Fernando

Song Lyrics ;

හිතක් වේවි මනරම්... කියා සිතුවාට මං
වෙනස් වීලා තරමක්... ‌ඔබගේ ඔය ආදරෙත්
පෙරුම් පිරුවාට මං... සතුටින් ඉන්නට බලන්
දුකක් දීලා සරදම්... මට කළේ ඇයි රත්තරං

මුනගැහේවි අපි ආයෙත් ළග දවසක දුක් නම් වෙන්න එපා
ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා

හිනැහෙන්න කියලා දීලා... දුක වින්ද හිතම සනසා
ආදරේ කෙරු ආදරේටත් දුක දෙන්න හදනවා
තාම මගෙ හිත ඕනෙ ඔබවද කියලා අහනවා

මුනගැහේවි අපි ආයෙත් ළග දවසක දුක් නම් වෙන්න එපා
ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා

වට්ටන්න කියලා හිතලා... රිද්දන්න හැදුවා ඔබ මා
දන්නදා මට ළංවුනේ ඔබ බොරුවටයි කියලා
ජීවිතේ නම් පැරදුනේ නෑ රැවටුණා කියලා

හිතක් වේවි මනරම්... කියා සිතුවාට මං
වෙනස් වීලා තරමක්... ‌ඔබගේ ඔය ආදරෙත්
පෙරුම් පිරුවාට මං... සතුටින් ඉන්නට බලන්
දුකක් දීලා සරදම්... මට කළේ ඇයි රත්තරං

මුනගැහේවි අපි ආයෙත් ළග දවසක දුක් නම් වෙන්න එපා
ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා

Songwriters: Harshana K Perera

Don't Forget Comment and Share 📝🎶

Comments