Mal Osariya | මල් ඔසරිය' Song Lyrics Song by - Dushan Jayathilake

Mal Osariya | මල් ඔසරිය
Song by Dushan Jayathilake

Mal Osariya | මල් ඔසරිය' Song Lyrics Song by - Dushan Jayathilake

Song Lyrics ;

මල් ඔසරිය දැක්ක දාට
සුදු මැණිකෙගේ සොදුරු මුහුණ
මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
නින්දෙන් මා අමතන්නට
සිහිනයකින් පාට පාට
ආදරයක මගේ ලගට එයිද හිතෙනවා

ලස්සන දුනුකේ මල වගෙ මැණිකේ
දැක්කම උදයේ මගේ හිත පිරුණේ
ලස්සන දුනුකේ මල වගෙ මැණිකේ
දැක්කම උදයේ මගේ හිත පිරුණේ

සමනල් වයසේ සුන්දර ලෝකේ
තාමත් මතකේ තියෙනවා මැණිකේ
ඉස්සර දවසේ පිංචිම කාලේ
ගංතෙර අයිනේ සෙල්ලම් කෙරුවේ

මල් ඔසරිය දැක්ක දාට
සුදු මැණිකෙගේ සොදුරු මුහුණ
මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
නින්දෙන් මා අමතන්නට
සිහිනයකින් පාට පාට
ආදරයක මගේ ලගට එයිද හිතෙනවා

ලස්සන දුනුකේ මල වගෙ මැණිකේ
දැක්කම උදයේ මගේ හිත පිරුණේ
නිම් නැති විලසේ ඔබටයි රහසේ
ලෙන්ගතුකම මේ මගේ හිත කීවේ

ඇහැල මහේ නිවාඩුවට
නිසංසලේ සැරිසරන්න
ඔබත් එක්ක මටත් නුවර
යන්න හිතෙනවා
වැව් රවුමේ සීත සුළග
හිමිහිට ගත දැවටෙන විට
රැජිණ හෝටලේ අසලින්
යමු පියනගලා

Songwriters: Hemasiri Halpita

Don't Forget Comment and Share 📝🎶

Comments