Mathkara Handawe | මත්කර හැන්දෑවේ' Song Lyrics - Ashanya Premadasa And Pasan Liyanage

Mathkara Handawe | මත්කර හැන්දෑවේ
Song by Ashanya Premadasa And Pasan Liyanage

Mathkara Handawe | මත්කර හැන්දෑවේ' Song Lyrics - Ashanya Premadasa And Pasan Liyanage

Song Lyrics ;

තෙමුනා දෙන් සීරාවේ පෙම් ගලනා හන්දා
වෙලුනා දෙන් හීනේ මා නිම් නොවනා හන්දා

මා හදේ නම් සරන්නේ
මේ හැඟුම් ඇයි පෙලන්නේ?
මා නොවේ නම් දැනෙන්නේ
පෙම්බරෝ ඇයි නෙතු හැංගූවේ

නෑ හිතක් නොදෙන්නට ආලේ
ඔය දෑස් තමා දඟලන්නේ
මේ හිතත් අරන් ගිය තාලේ
මා මත් කර හැන්දෑවේ

2nd verse
ගිලෙනා නෙත් දෑනේ මා සිල් බිඳෙනා හන්දා
දැනෙනා පෙම් හංගා මා නම් රහසේ වින්ඳා

මා නමින් පෙම් පුරන්නේ
ඇයිද මේ කල් බලන්නේ
දෑත ඉල්ලන්ද එන්නේ
පේවෙමින් එන්නද සංසාරේ

නුබේ රුව හදෙහි රැදුනා එක පාරින්
මගේ හද නැවතිලා නුබේ ගාවින්
සීතල මල් වැස්සක් හැලුන යාමෙන්
ආසයි තෙමෙන්න නුඹ එක්ක ආලෙන්

ආදර හීසරින් ඔයා විද්දේ
නුඹ පැටලිලා මගේ හිත් අගිස්සේ
හීනෙක තනියම මං ඇවිද්දේ
යන්න එපා බොඳකර මගේ මේ හීනේ

රහසක් කියන්න ආසයි මං ඔයා හරි Crazy හැබැයි හරි Fun
පොඩ්ඩක් එන්නකො ළඟටම දැන්
පෙම්බරො ගන්නද ඔය අත මං

(Bridge)
මේ ලයේ සුසුමන් තියා වින්දාවේ ළං ළං වීලා
නෙත් සරේ හැඟුමන් මවා උන්නාවේ සන් සුන් ලීලා
නෑ හිතක් නොදෙන්නට ආලේ
ඔය දෑස් තමා දඟලන්නේ

මේ හිතත් අරන් ගිය තාලේ
මා මත් කර හැන්දෑවේ

Songwriters: Dulan ARX

Don't Forget Comment and Share 📝🎶

Comments