Nurangana | නුරංගනාSong by Oshada Akash
ඉනාව වාගේ - හිනාව මූණේ
ගෙනාව හීනේ හැමදාම කාලෙ ගෙවුණේ
උපන්න ප්‍රේමේ - තියාන මහදේ
බලාන ඉන්නේ පැතු වචනෙ ලැබෙනකන් මේ
හිත දෑස නොයිවසිල්ලේ
හංගන හසරැල්ලේ
ලස්සන දකින්නටයි ආශා මං කෙල්ලේ
නුරංගනා - සිතුවිලි අවුස්සනා
සුර ලොවින් ගෙනා
රුව මගේ හිතේ දිලේ දිලේ
නා දළු සම දෙතොලේ
ඔය රෝස මල් කොපුලේ
විඳිනට පහස ඇලුම් නොසන්සිඳේ මගේ හිතේ
නිල්මිණි නෙතු සඟලේ
මනලෝල බැල්ම දැලේ
වෑහෙන වසඟ කැළුම් අනන්ත සේ හැඟුම් ගෙනේ
ඉඟිබිඟි අතරතුරේ
රැගෙනාවෙ අනගසරේ
අරගෙන ලමැදෙ ලැගුම් වසන්තයේ දසුන් ලෙසේ
දවසක ඔය ඇසුරේ
තැනු මාගෙ පෙම් මැදුරේ
ඉටුකරගනිමි පැතුම් නුඹෙන් හිතේ පිරිච්ච මේ
Songwriters: PKD Lyrics
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment