Prashnayak Ahannada | ප්‍රශ්නයක් අහන්නද​' Song Lyrics - Reshan Godage

Prashnayak Ahannada | ප්‍රශ්නයක් අහන්නද​
Song by Reshan Godage

Prashnayak Ahannada | ප්‍රශ්නයක් අහන්නද​' Song Lyrics - Reshan Godage

Song Lyrics ;

මං කියන දේ ආදරෙන් අහන්නකෝ
වංචා හිතේ වැරදි අත් හරින්නකෝ
දැන් මා ඔබේ ලඟ නොවේ හිතන්නකෝ
මින් මතු ලොවේ හොඳට කල් ගෙවන්නකෝ

ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ

ඔබ කලේ සෙල්ලමක් - මං පරාද චරිතයක්
ජීවිතේ හිරගෙයක් - දුකම වින්ඳා කාලයක්
නෑ පොහොසත් කම දුප්පත් - පිලිගන්නවා මගේ
තව දුරටත් හිත සවිමත් - වට්ටන්න බෑ හොඳේ

ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ

සිහිවුනා පොඩි දෙයක් - ඔබ කියාපු වචනයක්
ආදරෙයි මහ ගොඩක් - කිවුව නැද්ද මතකයක්
නෑ පොහොසත් කම දුප්පත් - පිලිගන්නවා මගේ
තව දුරටත් හිත සවිමත් - වට්ටන්න බෑ හොඳේ

ප්‍රශ්නයක් අහන්නද - ලස්සනයිද ජීවිතේ
උත්තරෙත් කියන්නද - වැරදුනානෙ ජීවිතේ

Songwriters: Kelum Dissanayake

Don't Forget Comment and Share 📝🎶

Comments