Sililare | සිලිලාරේ' Song Lyrics - Sajitha Anthony

Sililare | සිලිලාරේ
Song by Sajitha Anthony

Sililare | සිලිලාරේ' Song Lyrics - Sajitha Anthony

Song Lyrics ;

වැද හමන මඳ පවන් විඳ
දිගු නෙරිය පට දෙපට කොට බලා
වට මට සිළිටි වටොර පිට තබා
රන් පෙඳක් සදිසි සුර සිරියාවි සොයා
ආවෙමි බොහෝ කල් ගෙවා
දුර නොදුර නොබලා නොඅසා මිහිරාවී

සිලිලාරේ මල්පාරේ ගංතීරේ
ඇවිදින්න ඕනේ
මංදාරේ ලංකාරේ
හීන් සැරේ විඳගන්න බෑනේ

නාදලු පිණි මුතු කැකුලේ
නිල්මිණි සර නෙත් සඟලේ
පොරිමල් හිනැහෙන දෙතොලේ
ආදර තොඳොලක් තෙපලේ

මල් මදේ පැඟිරි නුරාවේ
ආදරේ මිහිර ගෙනාවේ
සංහිඳේ උකුල් තලාවේ
රන් බඳේ වැතිරෙන්න ආවේ

Songwriters: Jackson Anthony

Don't Forget Comment and Share 📝🎶

Comments