Handawena Tharamata | හැඩවෙන තරමට' Song Lyrics - Manjula Dilrukshi

Handawena Tharamata | හැඩවෙන තරමට
Song by Manjula Dilrukshi

Handawena Tharamata | හැඩවෙන තරමට' Song Lyrics - Manjula Dilrukshi

Song Lyrics ;

හැඩවෙන තරමට හිනැහෙන්නට මට
ඔබමයි සතුටක් ගෙන ආවේ
ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම
ඔබෙ උනුහුම විතරයි ඕනේ
හිරු සදු වෙන් වූවා වාගේ
අපි දෙදෙනා වෙන් නොවුනාවේ
නපුරු නොවී වෙනදා වාගේ
තරහ නොවී ඉමු අපි අයේ

ඉද හිට දැකලා අපි මුනගැහිලා
කොහොමද ඉන්නේ ඈත් වෙලා .
අපි හමුනොවනා හැම දින ගෙවෙනා
මට දැනුනේ කල්පයක් වෙලා.
පහනක් තියලා ප්රාර්ථනා
කෙරුවා ඔබ මගෙ වේවා කියා
පහනක් තියලා ප්රාර්ථනා
කෙරුවා ඔබ මගෙ වේවා කියා

කදුලැලි පිසදා සැනසෙමු තුරුලේ
නොසැලී ඉමු සිතුවමක් වගේ
හිමිවන දවසක් කවදද එන්නේ
තවමත් එය මිරිගුවක් වගේ
ආදරෙන් මා දිහා බලා
මට කියන්නකෝ ආදරෙයි කියා
ආදරෙන් මා දිහා බලා
මට කියන්නකෝ ආදරෙයි කියා

හැඩවෙන තරමට හිනැහෙන්නට මට
ඔබමයි සතුටක් ගෙන ආවේ
ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම
ඔබෙ උනුහුම විතරයි ඕනේ
හිරු සදු වෙන් වූවා වාගේ
අපි දෙදෙනා වෙන් නොවුනාවේ
නපුරු නොවී වෙනදා වාගේ
තරහ නොවී ඉමු අපි අයේ

Songwriters: Kushan Maneendra

Don't Forget Comment and Share 📝🎶

Comments