Ma Nube Rawana' Song Lyrics - Kasun Harshana

Ma Nube Rawana | මා නුඹේ රාවණා 
Song by Kasun Harshana

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

මන්දෝදරියේ මා සොයාලා
ඇයිද නුඹ නාවේ
මා සිත පෙලාලා
සිදුවු දේ නුඹ දනි සීතා
නොකෙලෙසු ඔබේ පතිවත
බැල්මෙන් වත් එදා

වරදා මා පිට පැටවී
ලෝකයා මට බියවී
සතුරු ඒ රාමා දේවිවී
දුෂ්ටයා මා දැන් යක් වී
ඇයිද මෙලෙසින් කලේ
සීතා

රාවණා රාවණා
මා නුඹේ රාවණා
මන්දෝදරියේ මා
මා නුඹේ රාවණා

සිදුවු දේ යළි මා
කෙලෙස කියම්දෝ
ඇගේ පතිවත ඔවුන්
හොද හැටි දුටුවෝ
බුර බුරා නැගි ගිණි කදු අතරේ
පතිවතින් ඈ සුරැකුණු දිනයේ

ආදරේ යැයි පැවසු රාමා
සැක කලා ඒ පතිනිය සීතා
ආලේ නම් ඇයි සැක කලේ
කියනු මා හට නොවැටහේ නමුත්
මා නම් නෑ ඔබ හැර දා ගියේ
දිනෙක යළි ඇහැරි
හැමදේ විසදමි

රාවණා රාවණා
මා නුඹේ රාවණා
මන්දෝදරියේ මා
මා නුඹේ රාවණා

Songwriter : Kasun Harshana


Don't Forget Comment and Share 📝🎶

Comments