Ma Thanikarada' Song Lyrics - Sandaruwan Jayasinghe

Ma Thanikarada | මා තනිකරදා
Song by Sandaruwan Jayasinghe

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

සිත් අහසේ ආදරේ අතුරා
ඔබ ලං වුවත් මට පෙරදා
අප හමු වු තැන මා පමණයි සැමදා
පෙම් සිතුවම් රහසින් මකාලා
උණු කදුලැලි හදවත නහාවා
ඇයි යන්නේ මතකය හැරදා හඬවා

මේ දෑතින් මිදිලා
දුර ඈතක ඇදිලා
සිතකින් දෝ ඉන්නේ
ඔහුගේ වීලා

මා තනිකරදා

බැලු හැම අත ඔය රුව පාවි
දුක් සුසුමන් මනසේ සිරවි
මල් සිහිනේ දුරකට යනවා සැගවි
ඔබ හැරගිය සයනේ වැතිරි
ඒ මතකය තනියෙන් විදිමි
ස‍ංසාරේ නොසිතූ වරදක් සිදුවී

මේ දෑතින් මිදිලා
දුර ඈතක ඇදිලා
සිතකින් දෝ ඉන්නේ
ඔහුගේ වීලා

මා තනිකරදා

නිල් දෙනෙතේ සදහට යාවි
මට ඉන්නට තුරුලේ සැගවි
තව පිං කර මදිදෝ මේ සංසාරේ
සුවදක් සේ සුළගේ මුහුවි
ඔබ යළි එනවාදෝ පාවී
පෙර සේ හැමදාමත් ඉන්නම් සොදුරේ

මේ දෑතින් මිදිලා
දුර ඈතක ඇදිලා
සිතකින් දෝ ඉන්නේ
ඔහුගේ වීලා

මා තනිකරදා

Songwriter : Pasindu karunarathne

Don't Forget Comment and Share 📝🎶

Comments

Post a Comment