Me Ahasa Yata' Song Lyrics - Hashan Madushanka

Me Ahasa Yata | මේ අහස යට
Song by Hashan Madushanka

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පෙම් කරපු හිතකට දුකක් දුන්නම
පව් පිරෙනවා රත්තරං නොදැනිම
ඇස් දෙක වගේ ඔබව රැක ගත්තට
බෑ බලෙන් නවතා තියා ගන්නට

මේ අහස යට කොතැන සිටියත් ඔයා
කිසිදාක නම් ඔබට වරදින එපා

සිත බිදුනු පසු එය හදාගන්න බෑ
දුක් දුන්නේ ඇයි මට හිතාගන්න බෑ
යළි නැවත අපි එකට එක්වෙන්නේ නෑ
මොන දේ උනත් පවට පිං දෙන්න බෑ

මේ අහස යට කොතැන සිටියත් ඔයා
කිසිදාක නම් ඔබට වරදින එපා

තනිකමට මතකය ලගින් ඉන්නවා
ඇස් අස්සේ ඔබ නැවතිලා ඉන්නවා
ආදරයහිත ඇතුලේ දුක් විදිනවා
මේ ජිවිතේන් යන්න මට හිතෙනවා

මේ අහස යට කොතැන සිටියත් ඔයා
කිසිදාක නම් ඔබට වරදින එපා

පෙම් කරපු හිතකට දුකක් දුන්නම
පව් පිරෙනවා රත්තරං නොදැනිම
ඇස් දෙක වගේ ඔබව රැක ගත්තට
බෑ බලෙන් නවතා තියා ගන්නට

මේ අහස යට කොතැන සිටියත් ඔයා
කිසිදාක නම් ඔබට වරදින එපා

Songwriter : Nisal Fernando

Don't Forget Comment and Share 📝🎶

Comments