Adare Kathawak' Song Lyrics - Hansini Wimalsiri

Adare Kathawak | ආදරේ කතාවක්
Song by Hansini Wimalsiri 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

නොකියනා කතාවක් හදවතේ හැංගිලා
ආදරේ රටාවන් දෙනෙත් අග ලියවිලා
අපි අපේ වුනු සැන්දෑකරේ අත් පටලවූ මල් මාවතේ
සිහින මල්කම් අකුරින් නුඹ ලියූ අපෙ ආදරේ කතන්දරේ

කියනවද ආදරේ සවනතට කොදුරලා
හොයනවද උණුහුමක් මගෙ හදට ලංවෙලා
අහනවද සෙනෙහසේ තරම තව විමසලා
ඉන්නවද සදාකල් මගෙම විතරක් වෙලා

සිහිනයේ මා වෙලාලා පාට ගා හැඩ බලාලා
නුඹ තනයි සිහින මාලිගේ හෙමි හෙමින් ලගට ලංවෙලා

ජීවිතය මටම දුන් නුඹ නමට ලියවිලා
ආදරෙන් ඉන්නෙමී නුඹ ලගට ලංවෙලා
ඈතකට නොමයමී කිසිදිනෙක පියඹලා
අහම්බෙන් මට ලැබුනු නුඹෙම වෙමි දිවිතුරා

සිහිනයේ මා වෙලාලා පාට ගා හැඩ බලාලා
නුඹ තනයි සිහින මාලිගේ හෙමි හෙමින් ලගට ලංවෙලා

Songwriter

Don't Forget Comment and Share 📝🎶

Comments