Kameliya Mal Suwadata | කැමීලියා මල් සුවඳට' Song Lyrics - Kithsiri Jayasekara

Kameliya Mal Suwadata | කැමීලියා මල් සුවඳට 
Song by Kithsiri Jayasekara

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා

සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා

කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments