Kolompure | කොලොම්පුරේ' Song Lyrics - Samitha Mudunkotuwa

Kolompure | කොලොම්පුරේ
Song by Samitha Mudunkotuwa

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ
අත වැනුවට නොවැටී මංමුලාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ

කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ
අත වැනුවට නොවැටී මංමුලාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ

දේදුන්නේ පාට අරන් සේල අඳිනවාලු
ඔමරි හිනා කෝල බැළුම් උහුලන්නට බෑලූ
ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලූ

මගෙ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලූ
කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ
අත වැනුවට නොවැටී මංමුලාවේ

හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ

වෙල් එලියේ වෑ කන්දේ දුව පැන නැටුවාලූ
දෙවැට දිගේ යන එන කොට ඉඟි බිඟි පෑවාලූ

කොයි දේසේ හිටියත් නුඹ මගෙමයි කීවාලූ
මගෙ රන් කඳ මතක නේද අපි දෙන්නා යාලූ
කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ
අත වැනුවට නොවැටී මංමුලාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ

Songwriter -

Don't Forget Comment and Share 📝🎶

Comments