Snehaya | ස්නේහය
Song by Deepa Lakshmanan And Tharindu Damsara
ස්නේහයේ සියොතුන් සැරූ
කැදලි තැනූ කෙනෙකුන් නොවූ
ආදරේ මිටියාවතේ විත්
උනුහුමේ දැවටී
තනි හිතට හෙවනක් නොවූ
හසකැනින් පිරිපත් නිවූ
ජීවිතේ හරි පුදුම තැන් මට
කියා දුන් මිහිරී
සදැස් ගැලපුනු හිතට උල්පත නුඹම වී හුන්දා
හෝඩියක් මදි මට ලියන්නට තියේවිද උපමා
හිමිකමක් නුඹේ වග කියන්නට වරම් හිමිවුනු දා
ඊට වැඩියෙන් කිරුලු කොහි මට තියේවිද මතුදා
සීරුවෙන් හිත දැඩි කරන් ඇවිද යනවිට ආදරෙන්
සඳත් පැරදී සැඟව යනවා වැහි වලාකුල් තීරයෙන්
වාරුවෙන් නිවනක් සොයා වන්දනාවක සේ ඉතින්
මාරුතේ ඈතට නොයා ලඟම දැවටීයන් පෙමින්
Songwriter -
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment