Athaharala | අතහැරලා' Song Lyrics - Ashan Fernando

Athaharala | අතහැරලා
Song by Ashan Fernando 

lyricsonlinesinhala.blogspot.com

Song Lyrics ;

පෙර කෙරූ පවට මගේ
නිමා කරදා ඇසුර අපේ
කදුළු පුරවා ඔය දෙනෙතේ
ලොකු වැරද්දක් මම කෙරුවේ
මේ ලොවේ හැම අතරේ
මාව තේරුම් ගෙන පණ සේ
එක කෙනයි මට හිටියේ
ඇත්තමයි ඔබමයි ඈ

අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් මා රැදි
පුදුමයි තාම මගේ මත්තේම ඔබ නැහෙනා හැටි

මං මුලා කරමින් මහා මුසා කියමින්
නිදහස මා විදපු තරම්
කිහිප වතා.වක් මා සිහි කරලා
ලොවට හොරා අද පසු තැවුනා

අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් මා රැදි
පුදුමයි තාම මගේ මත්තේම ඔබ නැහෙනා හැටි

ලං වෙන්න නැවතත් මා පෙරුම් පිරුවත්
රිදවන්න බෑ තවත් හිතක්
මේ භවයේ ඉමු අපි ඉවසා
මතු භවයේ අපේ වෙන්න පතා

අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් මා රැදි
පුදුමයි තාම මගේ මත්තේම ඔබ නැහෙනා හැටි

Songwriter - Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments