Pitupala Yana As | පිටුපාලා යන ඇස්Song by Yasith Kelambiarachchi
කළුවරයි අහසම මගේ සද නෑ මං ලග
අළුයමයි වැඩි පුර රිදෙන්නේ මයේ පපුවට
ආදරේ පිටුපසම තිබුනේ වැඩිපුරම කදුළු ද
පාවෙලා යන මේ සුළගේ තිබුනා මගේ විලාපය
පිටුපාලා යන ඇස් නවත්තන්නේ නැහැ මං
ඔබ කොතැනක හිටියත් ඔබේ සතුටයි මට වැදගත්
අඩියෙන් අඩිය තියලා පිය නැගූ මාවතේ
නුබ නැතුව යනවා ජිවිතේ මග තොටේ
මොහොතෙත් කඩා වැටුනා අද මගේ ජීවිතේ
දවසින් දවස හඩුවත් හැදුන් නෑ හිත මගේ
පිටුපාලා යන ඇස් නවත්තන්නේ නැහැ මං
ඔබ කොතැනක හිටියත් ඔබේ සතුටයි මට වැදගත්
පරඩැල් වෙලා යනවා අපි තැනු මාලිගේ දුහුවිලි පවා බැදිලා අද අපේ ආදරේ
වියපත් වෙලා තිබුනා මතකයක් පෙර දිනේ
තරුණයි තවම පපුවේ තියෙන මේ ආදරේ
පිටුපාලා යන ඇස් නවත්තන්නේ නැහැ මං
ඔබ කොතැනක හිටියත් ඔබේ සතුටයි මට වැදගත්
Songwriters: Nisal Fernando
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment