Sudu Gauma | සුදු ගවුම' Song Lyrics - Yasith Kelambiarachchi

Sudu Gauma | සුදු ගවුම
Song by Yasith Kelambiarachchi

Sudu Gauma | සුදු ගවුම' Song Lyrics - Yasith Kelambiarachchi

Song Lyrics ;

අමනාප නෑ රත්තරනේ - ඔබෙ ආදරේ මට පවරා
උදුරා ගියත් අවසානේ - මට නාඬන්න කියලා
පලිගන්න බෑ ජීවිතයේ - කවදාකවත් ඔබ රිදවා
උතුරන්න ආදරෙ කෙරුවේ - මම ඇත්තටම හින්දා

ඇවිදින්න ආසයි - නැවතත් ඔය දෑත පටලන්
මුන ගැහුන පාරේ - පොත් මිටියක් අතින් අරන්

සුදු ගවුම ලඟ ගෙවුන
කාලෙ අද වගෙ මතකයි
සමුගන්න මුල පිරුව
ඔබ තාම මගෙ ජීවිතයයි

ඉඩෝරය නිමා කර හෙමිහින්
වසන්තය ගෙනල්ලා දුන්
අහිංසක හිනාවට තවමත්
තිබේ හදවතේ ඉඩක්
පරාද ප්‍රේමෙක බිතු සිතුවම්
හිතේ නැංගුරන් දමන්
බලා ඉන්නෙ ඔබ යලි එනකල්
අකීකරු දෙනෙත් පියන්

කොහේද ඔබ ඉන්නේ කියමින්
අහන විට සුසුම් පවන්
නිරුත්තර උනා මම මොහොතක්
මුවෙන් ගොළුවෙලා වදන්
අමුර්තයට වැඩියෙන් රසවත්
අතීතෙට අගුල් දමන්
හිනාවෙන්නෙ කෝම හෙට මං
හිතේ ගින්දරක් තියන්

Songwriters: Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments