Wedi Warusa | වෙඩි වරුසාSong by Sandun Perera
දිනෙක වරදින්නම ඕනේ
දැනගන්න මිනිසුන් ලෝකේ
කවුද හැබැහින් නැති දා මෙන්
ආදරේ කියා
ඔබට මා හොද මදි වූයේ
ආස කරනා වටින දේ
ගෙන දෙන්න ඉල්ලන වේගෙන්
මට බැරි නිසා
වෙඩි වරුසා ඇද හැලුනත්
මිය නොවෙන ප්‍රේමෙට මගේ
බොරු කරලා කවදාවත්
සැනසෙන්න බෑ අන්තිමේ
මාගෙ දිවියේ කිසිම දිනයේ
නොකල දේවල් හුඟක් කෙරුවේ
ඔබ තබන්නයි මලක් වාගේ
සුවඳ හමමින් රෑ දිවා
කඳුලු හෙලලා හැමට වචනෙන්
නොකීවත් මා හඬ නගා
ඔබව නොබලා ගෙවන මොහොතත්
කල්පයක් මෙන් දැනෙනවා
වෙඩි වරුසා ඇද හැලුනත්
විඩාබර වී අලුත් හෙවනේ
ඔබට මතු යම් දිනෙක ආයේ
හොඳට තේරෙයි අඩුව මාගේ
අපේ පුරාණේ සිහිවෙලා
කඳුලු හෙලලා හැමට වචනෙන්
නොකීවත් මා හඬ නගා
ඔබව නොබලා ගෙවන මොහොතත්
කල්පයක් මෙන් දැනෙනවා
Songwriters: Sajith V Chathuranga
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment