Oba Tharama Pem Kala Kisiwek | ඔබ තරම් පෙම් කල කිසිවෙක්' Song Lyrics - Theekshana Anuradha

Oba Tharama Pem Kala Kisiwek | ඔබ තරම් පෙම් කල කිසිවෙක්
Song by Theekshana Anuradha

Oba Tharama Pem Kala Kisiwek | ඔබ තරම් පෙම් කල කිසිවෙක්' Song Lyrics - Theekshana Anuradha

Song Lyrics ;

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වි ගිය දා
ඔය නෙතු හැඬ වූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුණාදැයි
මේ තරම් ආදරේ

රැය පුරා ඉකිගසා රතට හැරී දෙනුවන් පුර
මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්

තනිවෙලා මා ලොවේ
හිරු නොනගිනා මේ වසන්තේ
දිවිතුරා විඳවමි
අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments