Dewli | දෙව්ලීSong by Sahan Punarjeewa ft. Supun Dilanka
නිදි වරනා තතු කියනා
තරු හඩනා රැය දකිනා
නුඹ රැදෙනා මා ගයනා
මේ ගීයේ පද ගෙතෙනා
තනි වෙමි මා හිත සනසා
සඳසාවී නුඹ නැති දා
මා දකිනා හැම හීනේ
තරු ගානේ නුඹ හිදිනා
ඉගි බිගි පානා නුඹ හා
තරුවැල් ගානෙ එතිලා
උනුසුම් කඳුලින් සතපා... සනසා
රන්ඳම් මාලා ගොතලා
පෙම් ගී තාලෙ දවටා
දෙව්ලී නුඹමයි හැමදා... පතනා
මන්දාරම් අඳුරේ.. නුඹ නැ මා සොදුරේ
අසලින් මා තුරුලේ... රැදිලා
ගිම්හානෙත් සීතල දැනුනා
මන් ආයෙත් නුඹ හා බැදුනා
කඳුලැල්ලෙන් සියොලග තෙමුනා... දැනුනා
හසරැල්ලෙන් නළලත සිඹිනා
කෙහෙරැල්ලක් මතකෙක එතුනා
නුඹ තාමත් එහෙමයි හිතුනා... දැනුනා
Songwriters: Sahan Punarjeewa
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment