Punchi Samanali | පුංචි සමනළී' Song Lyrics - Nadeera Nonis

Punchi Samanali | පුංචි සමනළී
Song by Nadeera Nonis

Punchi Samanali | පුංචි සමනළී' Song Lyrics - Nadeera Nonis

Song Lyrics ;

මගෙ නෙත් මායිමේ ඉඳන්
මට ඉඟි කරනා පුංචි සමනළී..පුංචි සමනළී
ඔය නෙතු පියන් අතර හැංඟී
නුඹ සිපගන්නට ආසයි
පුංචි සමනළී

මගෙ නෙත් මායිමේ ඉඳන්
මට ඉඟි කරනා

ප්‍රේමයේ රූ.. සිතේ ඇන්දූ
ප්‍රේමයේ රූ.. සිතේ ඇන්දූ
සිත්තරාවි..සිත්තරාවි
ප්‍රේමයේ අම සුවඳ ඔබමයි
ඔබ ළඟින් හිඳ මසිත සැනසෙයි
හිතේ අද්දර පෙම කැලැත්තු
අහිංසකාවි

මගෙ නෙත් මායිමේ ඉඳන්
මට ඉඟි කරනා පුංචි සමනළී..පුංචි සමනළී
ඔය නෙතු පියන් අතර හැංඟී
නුඹ සිපගන්නට ආසයි
පුංචි සමනළී

මගෙ නෙත් මායිමේ ඉඳන්
මට ඉඟි කරනා

කෝල දෙනුවන්..මතින් හිනැහෙන්
කෝල දෙනුවන්..මතින් හිනැහෙන්
සුන්දරාවි...සුන්දරාවි
ආදරේ රස ගඟුල ඔබමයි
බොළඳ සිතුවිලි මහද උතුරයි
නුහුරු හැඟුමන් පොකුරු රැන්දු
අංගනාවී

මගෙ නෙත් මායිමේ ඉඳන්
මට ඉඟි කරනා පුංචි සමනළී..පුංචි සමනළී
ඔය නෙතු පියන් අතර හැංඟී
නුඹ සිපගන්නට ආසයි
පුංචි සමනළී

මගෙ නෙත් මායිමේ ඉඳන්
මට ඉඟි කරනා

Songwriters: Sampath Fernandopulle

Don't Forget Comment and Share 📝🎶

Comments